Chemistry‎ > ‎

1.අණුක ස්කන්ධය.

posted Apr 13, 2017, 6:08 PM by Upali Salpadoru   [ updated Jun 5, 2017, 1:48 PM ]
.

2.jpg


පරමාණු ඉතාමත් කුඩා බැවින්, එ්වා

මැණීමව සාමාන්‍ය එ්කක එතරම් සුදුසු නොවේ.

එසේ නම් විවිධ මූල ද්‍රව්‍යයන්හි ස්කන්ධ කෙසේ

සෙවිය හැකි ද?

මෙයට සුදුසු උපක්‍රමයක් නම්, ඉතාමත් සැහැල්ලු පරමාණුව

එ්කකය ව ශයෙන් යොදාගැනීමයි.

ඉතාමත් සැහැල්ලු පරමාණුව හයිඩ්රජන් පරමාණුවයි.

කාබන් පරමාණුව එමෙන් 12 ගුණයක් බරය.

මේ අනුව පරමාණුක ස්කන්ධයන් සමහරක් මෙසේය.

 H
C  N  Cl  Na 
 1  12  23  35.5  23

මෙය තේරැම් ගැනීමට පහසු සරල ක්‍රමයක් වුවද, එහි අඩුපාඩු කිහිපයක් තිබේ.

මූලික වශයෙන්ම හයිඩ්රජන් පරමාණු සියල්ලම එකාකාර නොවීමයි. හයඩ්රජන් සමස්ථානික තුනක් වෙයි. එ්වා යේ සටහන් මෙසේය.

ufiu74qxwi6kzapbvcfkmmrlz5bkwx2-ecgafyf3iezxmxg6i-brik14pp-z-rmxlgrkmej4twxeqstp4-wvmnwabxlpkgogmepmwhdim_zygd52dd5jhzyytohw9ncp44s4jzpk


පරමාණුවක ස්කන්ධය මූලික වෂය‍ෙන්ම ඇත්තේ එහි න්‍යෂ්ටියෙහි තිබෙන්නා වූ ප්‍රෝටෝන හා නියුට්‍රෝන  සංඛ්‍යාව මතය. මේ දෙවගර්‍ යෙහි එකතුව ‘පරමාණුක ස්කන්ධය’  වේ. මෙය ඉංග්‍රීසි එ් (A) අකුරෙන් ද හදුන්වනු ලැබේ.

මූල ද්‍රව්‍යයක අැති සියලුම පරමාණු වල නියත ප්‍රෝටෝන සංඛ්‍යාවක් තිබුනද නියුට්‍රෝන  සංඛ්‍යාව ව‍ෙනස් විය හැකිය. ම‍ෙවැනි පරමාණු ආවර්තිතා වගුව‍ෙහි එකම තැනක් ගන්නා බැවින් එ්වා සමස්ථානික ලෙස හැදින් වේ.

පරමාණු ස්කන්ධ එ්කකය.

පරමාණු ස්කන්ධ ය සදහා සම්මත එ්කකය amu. ලෙස හැදින් වේ.

මෙය කාබන්-12 සමස්ථානිකයෙන් දොලහෙන් එක් කොටසකි.

එනම්:-( Atomic mass unit. (a.m.u )

කාබන් 12 සමස්ථානිකය පරමාණු ස්කන්ධ එ්කක 12 හකි. 

මේ අනුව දශම ස්ථාන කිහිපයකට නිවැරදි ස්කන්ධයන් ම‍ෙම ආවර්තිතා වගුව‍ෙන් දැක්ව‍ෙයි.

ආවර්තිතා වගුව

pa2hvhol28zly8swxyjhg2ifwxc-79dxbtckclg1ahsircgchv6khcksfg8lpvblj24jyduuxvwuntze9qvara_zxfp92f7oynchkrpjgi8hhjmccsinnccci-fvakvp8zmdub1c


සාපේක්ෂ පරමාණු ස්කන්ධය.

වගුව‍ෙහි දැක්ව‍ෙන ස්කන්ධ යනහි එ්කකයක් දී නොමැත. එය අංකයක් පමණි.

එයින් දෙනුයේ මූල ද්‍රව්‍යයක සමස්ථානික සියල්ල සැලකීමෙන් ලබාගෙන අැති සමාන්‍යයෙකි.

මූල ද්‍රව්‍යයක ස්වභාවය‍ෙන් ඇති සමස්ථානිකයන් ගේ ස්කන්ධය සලකා සාමාන්‍යයක් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයාගත හැකිය.


ඡඔ.jpg



නිදසුන් 1.1

8q8631qtmm-1uwt_avod7go55dyo9aiiqm-gi4be_lnpgyx1ebl2r7ogxu2drmaytdk3myfvep_fw-x_pl-eogyxvleab6ll7wf7__urzxg1mt818ps3-n-lhwgfxlsgeuusgcjy



පරමාණු කිරා බලීම ට හැකි තරාදියක් අැතැයි සිතන්න. එක් තැටියක ට බෙරිලියම් පරමාණුවක් දැමුවහොත් අන‍ෙක ට හයිඩ්‍රජන් කීයක් දැමිය යුතු ද?


බෙරිලියම් පරමාණුවක ස්කන්ධය= 9

හයිඩ්‍රජන් පරමාණුවක  ස්කන්ධය = 1

අවෂ්‍ය   H  පරමාණු   සංඛ්‍යාව   = 9

රූප.1.පරමාණු කිරීමට තරාදියක් ඇතැයි සිතන්න.

අණුක ස්කන්ධ ය.

fxctk9fbcy9pmedzbzql7mj7bwfg0ekwrso1nuj9dnj-4x4raicy9btzenpjuuivm1_-miplavlc68wogyte9aptvknbu2pvaovsut1xgjgsiifcelb92kzarldb8-ia0nergi4h

රූපයේ දැක්වෙන ජල අණුවෙහි ස්කන්ධය සෙවිය හැකි ද?

එක් ඔක්සිජන් පරමාණුවක් හයඩ්රජන් පරමාණු දෙකක් සමග බද්ධ වී තිබේ.

H2 +O2 = H2O + H2O

2 + 32 = 18 + 18

ජලයේ අණුක ස්කන්ධය 18.

මෙයට එ්කකයක් සදහන් කිරීම අනවෂ්‍ය වුවද එ් සදහා amu. යෙදීමට පුළුවන. බර්ක්ලී විඳ්‍යායතනය මගින් 2013 දී නවීනතම අන්වීක්ෂයකින් ගන්නා ලද, අණුවක කාබන් පරමාණු බැදී තිබෙන අයුරු පෙන්වන රූපයක්.



අණුවක් සෑදෙන්නේ පරමාණු බද්ධ වීමෙනි. මැග්නීසියම් දහනයේ දී ඔක්සිජන් සමග එක් වී මග්නීසියම් ඔක්අසයිඩ් අණු සාදයි.

Mg + O= MgO   

එනම්..  24 + 16= 40 .

අණුක ස්කන්ධය නම්, එම අණුව සෑදී අැති පරමාණු ස්කන්ධයන් ගේ එකතුවයි.


නිදසුන් 2.1

දී තිබෙන අණුවන් ගේ ස්කන්ධය සොයන්න.


සංකේතය

නම

විසදුම.

NaCl

සෝඩියම් ක්ලොරයිඩ්

23+35.5=58.5

Ca(OH)2

කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්.

40+2 (16+1)

=74.

CuSO4. 5H2O

ජලීය කොපර් සල්ෆේට්.

64+32 +64+5(2+16)

=


පු.jpg



අභ්‍යාස ය..1


1. පරමාණු ස්කනධ එ්කකය.( u.හෝ  Da.).

a. කාබන්-12.සමස්ඵානයෙහි  1/12  කි.

b. කාබන් පරමාණුවෙහි  1/12 කි.

c. කාබන් පරමාණු ස්කන්ධ සාමාන්‍යයෙ න් 1/12 කි. 

d. හයිඩ්රජන් පරමාණුවක ස්කන්ධයයි. 


2. පරමාණු ස්කන්ධය.

a. සමස්ඵානිකයක තිබ‍ෙන නියුක්ලියෝන හා ඉලක්ට්‍රෝන වල එකතුව.

b. සමස්ඵානිකයක ස්කන්ධය පරමාණු ස්කන්ධ එ්කක වලින් දැක්වීම.

c. පරමාණුවක ස්කනධය හයිඩ්රජන් ස්කනධයට අනුව දැක්වීම.

d. පරමාණු කිහිපයක සාමාන්‍යය ස්කන්ධය Dalton (Da)එ්කක අනුව.


3. පරමාණුක ක්‍රමාංකය.

a.පරමාණුවක අැති විද්යුත් අාරෝපනය

b. පරමණුවක අැති ඉලක්ට්රෝන සංඛ්‍යාව.

c. පරමාණුක භාරයේ අනු පිළිවෙලට ලැබෙන අංකය.

d. . පරමාණුවක අැති ප්රෝටෝන සංඛ්‍යාව .


4.  ස්කන්ධ අංකය.

a. සමස්ඵානිකයේ නියුක්ලෝන සංඛ්‍යාව.

b. සමස්ඵානිකයේ ප්රොටෝන සංඛ්‍යාව.

c. පරමාණුවක නරපේක්ෂ ස්කන්ධය.

d. කාබන් සමස්ඵානික ස්කන්ධයට සාපේක්ෂව පරමාණුවෙහි ස්කන්ධය.


5.සාපේක්ෂ පරමාණු ස්කන්ධය.

a පරමාණුවක අැති ප්රොටෝන හා ඉලක්ට්රෝන සංඛ්‍යාව.

b. කාබන් පරමාණුවක 1/12 කට සාපේක්ෂව සමස්ඵානිකයක ස්කන්ධය.

c පරමාණුවක ස්කන්ධ සාමාන්‍යය, කාබන් පරමාණුව‍ෙන් 1/12 කට සාපේක්ෂව.

d. පරමාණුවක ස්කන්ධය හයිඩ්රජන් එ්කක. වලින්.

ලකුණු 4x5= 20.



 1 a. 2b.   3,d.  4  a 5  c.

Part--2.

1.0 ක්ලොරීන් පරමාණුවේ දී අැති රූප සටහනට අනුව පහත අැති වගුව පුරවන්න.

cl.jpg
17Cl37





 Protons ප්රොටෝන  Electrons ඉලෙක්ට්රොන  Nucleons නියුක්ලියෝන  Atomic no පරමාණු ක්‍රමාංකය.  Mass no. ස්කනධ අංකය.
         

ලකුණු 2x5 =10


2.0 පරමාණුවල බර සැසදිය හැකි මනඃකල්පිත තරාදියක් අැතැයි සිතන්න.


scale.jpg
scale.jpg
මෙය සමබර කරීමට අවෂ්‍ය පරමාණු සංඛ්‍යාවන පෙන්වන්න.

 Laft වම් පස  Right දකුණු පස.    Left වම  Right දකුණ
  6C12 ...........2  12Mg24-. ...........1     6C14--1 a.  1H1 b.
 16S32 c.  8O16-- d.    26Fe56 e.  14Si28 f.
 7N14 g.  2He4 h.    24Cr52 i.  8O16......... .j.
2x10=20.

3.0 මෙම අණුවන් හි සකන්ධයන් දක්වන්න.
 O3  HCl  NO2  H2SO4  Ca(OH)2  NH4Cl  C2H6  H3PO4  Al2(SO4)3  CuSO4.5H2O
                   .
2x10=2
4ඔක්සිජන් ග්‍රෑම් 16 ක පරමාණු  × තිබේ නම් ඔක්සුජන් ග්‍රෑම්. 2 කට පරමාණු කීය ද?.

                 5.පරිසිදු ඔක්සිජන් වයුවෙහි අැති සමස්ඵානික ප්‍රතිශතයන් මෙසේය.Cl-35 = 75.5%  Cl-37 =24.5%. ක්ලොරීන් පරමාණුවක සාපක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න.   
6. සාමාන්‍ය වාතය‍ෙහි  N2  කොටස් 4ක් ද, O2 කොටස් එකක් ද බැගින් තිබේ.  වාතයේ සාමාන්‍ය අණුවක සකන්ධය සොයන්න.
                 7.හයිඩ්රජන් කිලො ග්‍රෑමයක පරමාණු y තිබේ නම් කාබන්  කිලො ග්‍රෑමයක කාබන් පරමාණු කීයක් තිබිය යුතු ද?  

8. සුවද විලවුන්වර්ගයකින් 4g කාමරයක මුදා හරින ලදි. කාමරයේ පරිමාව ලීටර 50,000 ක් විය. කාමරයට පැමිනි ජනකට පළමු හුස්මෙන්ම සුවද දැනුනි. එක හුස්ම ක පරිමාව මි.ලී. 10 ක් තම් සුවද අණුවක ස්කනධය සොයන්න. සුවද දැනීමට හුස්මක එක අණුවක් වත් තිබිය යුතුය.       

=30

පිළිතුරු


   Part 2 Answers

1. 

 ප්රොටෝන  ඉලෙක්ට්රොන  නියුක්ලියෝන  පරමාණු ක්‍රමාංකය.  ස්කනධ අංකය.
 
17
 
17
 
37
 
 17
 
3

10

 2.

 Laft වම.  Right දකුණ.    Left වම.  Right දකුණ.
  6C12 ...........2  12Mg24-. ...........1     6C14-- a. 1  1H1 b. 14
 16S32 c. 1  8O16-- d. 2    26Fe56 e. 1  14Si28 f. 2
 7N14 g. 2  2He4 h. 7    24Cr52 i. 4  8O16......... .j. 13

       20

3.

 O3  HCl  NO2  H2SO4  Ca(OH)2  NH4Cl  C2H6  H3PO4  Al2(SO4)3  CuSO4.5H2O
 48  36.5  46  98  74  53.5  30  98   162  250
2x10=20

                                               

.4.      O2  16 g   ඇති පරමාණු සං.ඛ්‍යාව=  x .                                                                                                      O2    1g    ඇති පරමාණු සං.ඛ්‍යාව=  x/16 .                                                                                                  O2    2g    ඇති පරමාණු සං.ඛ්‍යාව=  x' x2÷16 .........  =x/8 .

     5. 
        35x75.5  =2642.5
        37x 24.5 =906.5       පරමාණු 100 ක එකතුව =  3549  .
         ක්ලොරින් වල සාපේක්ෂක ස්කන්ධය  =  35.5.  මෙය පරමාණුක භාරය ලෙසින් ද හැදින්විය.
       
      6. 
         N2අණු 4 ක සකන්ධය = 4 x 28 =   112   
       O2 අණු එකක ස්කන්ධය =  32
         වාතයේ අණු 5 ක ස්කන්ධය =  112 = 32  =  144
         සාමන්‍යය  = 144/5  =28.8
       
30
Comments